පළකල දිනය : Sun, Jul 28th, 2019

“කැන්ගන්” අරුම පුදුම වතුර වර්ගය

2016 වන විට මාතර රාහුල හරස් පාරේ අංක 22 නිවසේ පදිංචි වෛද්‍ය එල්. ගුණරත්න මහතා (එවකට ඔහු වෛද්‍යවරයෙකු නොවේ) සිංගප්පූරුවේ ඉංජිනේරු ආයතනයක් පවත්වාගෙන යමින් සිටි අතර ඔහුගේ ශරීරයේ අසනීප තත්ත්වයන් කිහිපයක්ම පැවතිනි. වම් අත ඔහුට පාලනය කරගත නොහැකි වීමත් තදබල කොන්දේ අමාරුවක් හටගෙන තිබීමත් කකුල්වල තද හිරිවැටීමක් සමග අධික වේදනාවක් පැවතීමත් වාහනයෙන් බසින විට වීසිවී බිම ඇද වැටීමට ආසන්න තත්ත්වයකට පත්වීම ඇතුඵ ලෙඩරෝග ගණනාවක්ම පැවති අතර විවිධාකාරයේ ප‍්‍රතිකර්ම කලත් නැවත නැවත අසනීප මතුවීම නිසා නිතර වේදනාශක පෙති ගැනීමට හුරුවී සිටි අයෙකි.

2016 ජූනි මාසයේ දිනෙක ගුණරත්න මහතාට සිංගප්පූරුවේදී කැන්ගන් වතුර පිළිබඳ දැනගන්නට ලැබෙන්නේය. අනතුරුව කැන්ගන් වතුර පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගීවීමේ අවස්ථාව සැලසිණි.

මෙතැන් සිට ඔබ කියවන්නේ, ගුණරත්න මහතා දැන හඳුනාගත් කැන්ගන් වතුර පිළිබඳ කතාව ගුණරත්න මහතාම කියන ආකාරයයි.

‘‘මම සිංගප්පූරුවේදී ‘කැන්ගන්’ කියන නම හඳුනාගත්තා. මේ සුවිශේෂී වතුර ගැන දැනුවත් කිරීමේ දේශනයකට මම සහභාගී වුණා. පැය තුනක හතරක කාලයක් තුළ ඉතා අපූරු විස්මිත දේශනයකට මම සවන් දුන්නා. ඊට අදාළ වීඩියෝ දර්ශන නැරඹුවා. මගේ ශරීරයේ තිබෙන අසනීප තත්ත්වයන් වලට මම විවිධ බෙහෙත් සහ ප‍්‍රතිකර්ම කරලා සුවයක් නොලැබයි සිටියේ. එදා දේශනය අහගෙන හිටපු මගේ ඇ`ගට දැනෙන්න ගත්තා මේ තමයි මට අවශ්‍ය දේ කියලා.’’

‘‘ඊට පස්සේ මම සති තුනක් පුරාම අන්තර්ජාලයේ සොයාබැලුවා කැන්ගන් වතුර පිළිබඳවත් ඒවා පාවිච්චි කර ප‍්‍රතිඵල ලබාගත් අය පිළිබඳවත් එමෙන්ම ඊට අදාළ වීඩියෝ දර්ශනත් නැරඹුවා. (මෙහිදී ගුණරත්න මහතා ලබාගත් තොරතුරු සහ අත්දැකීම් පිළිබඳ ඉදිරි ලිපියකදී සවිස්තරාත්මක හෙළිකරනු ලැබේ. අවසානයේ මම තේරුම් ගත්තා මේ තමයි මට අවශ්‍ය දේ කියලා.’’

‘‘තව දෙයක් කියන්න ඕනෙ, මගේ නෝනාටත් ආතරයිටීස් සහ දණහිස්වල කාටිලේජ දියවීමේ රෝගයත් අත්පා ඉදිමීම සහ ඇගිලි හිරිවැටීම වැනි රෝග තිබුණා. ඇයට පඩි දහයක්

නැගිමට පැයභාගයක් විතර යනවා. ඉතාම වේදානාකාරී ජීවිතයක් තමයි ඇයත් ගත කළේ. මගේ අම්මාටත් කොලොස්ටරෝල්, දියවැඩියාව, අධිරුධිර පීඩනය ඇතුඵ රෝග තිබුණා.’’

‘‘කොළඹ ප‍්‍රධාන පෙළේ රෝහල් වල විශේෂඥ වෛද්‍යවරුන්ට පෙන්වා තමයි අපි තිදෙනාම විශේෂයෙන් බිරිඳත් අම්මාත් බෙහෙත් ගන්නේ. බෙහෙත් ඇතුඵ සියඵ ගාස්තු මාසෙකට ලක්‍ෂ දෙකක් විතර යනවා. එහෙත් ස්ථිරවම සුවපත් වීම පිළිබඳ හෝඩුවාවක්වත් අපට ලැබුණේ නැහැ.’’

‘‘මම 2016 වසරේ ජූලි මාසයේ කැන්ගන් වතුර නිපදවන යන්ත‍්‍රයක් ජපානයෙන් ගෙන්වා ගෙන ලංකාවට ගෙනැවිත් මගේ ගෙදර සවි කළා. ඒ මොහොතේ සිට මගේ බිරිඳ වතුර ලීටර් හයක් විතර පැය හයක පමණ කාලයකදි පානය කළා. සවස් වන විට ඇයගේ ශරීරයේ තිබුණු සියඵ ඉදිමීම් බැසගොස් ශරීරයේ තිබූ වේදනාවන් නැති වී ගියා. එතැන් පටන් අප සියඵ බෙහෙත් නවතා කැන්ගන් වතුර පාවිච්චි කළා. දින තුන හතරකදී අපි සියඵ දෙනාම, එම සියඵ වේදනාවන්ගෙන් මිදුණා. අප අද නිරෝගී වීමේ සතුට භුක්ති විඳිනවා.’’

‘‘අපගේ නිවස පිහිටා තිබෙන මාතර රාහුල හරස් පාරේ සහ ඒ අවට පදිංචි අයටත් කැන්ගන් වතුර අපි ලබා දෙනවා. ඒ අයත් එහි සාර්ථක ප‍්‍රතිඵල ලබනවා.’’

කැන්ගන් වතුර පාවිච්චි කිරීමෙන් සුවපත් වන රෝග පිළිබඳව අප එතුමාගෙන් විමසුවා. ඒ මහතා පැවසුවේ මෙලෙසයි.

‘‘කැන්ගන් වතුර කියන්නේ බෙහෙතක් නෙවෙයි. එහෙත් ශරීරයේ තිබෙන ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සවිබල ගැන්විම, ශරීරයේ නිදහස් ඛණ්ඩක මගින් ෙසෙලවලට සිදුකරන හානි වැළැක්වීම, ශරීරය ආම්ලික වීම වැළැක්වීම, කෝටි ප‍්‍රකෝටි ගණන් ෙසෙලවලට අවශ්‍ය කරන ජල ප‍්‍රමාණය ලබාදීම, ශරීරයේ ඇති විස පිටකිරීම ඇතුඵ කාර්යන් එම කැන්ගන් වතුර ශරීරය තුළ සිදු කරනවා.’’

‘‘ඒ හරහා පිළිකාව, දියවැඩියාව, ගෑස්ටික්, අධිරුධිර පීඩනය, මොළේ නහර වල ලේ කැටි ගැසීම, ලේ කැටි සිරවීම, මේදය අධික බව, හදවත් රෝග (හාර්ට් ඇටෑක්), දද, කසාන, ආසාත්මිකතා, ඉරුවාරදය, ස්ථූලභාවය, ඇදුම, මල බද්ධය, මතක නැතිවීම, නින්ද නොයාම, ඔටිසම්, ඇල්සයිමර් රෝගය, ඩිමින්ෂියා, පාකින්සන් රෝගය, කොන්දේ අමාරු, ගවුට්, ආතරයිටීස්, ලූපස්, ඕස්ටියෝ ආතරයිටිස්, වකුගඩු අක‍්‍රිය වීම, පොතු කබර, සිය`ඵම චර්ම රෝග ඇතුඵ පිරිහෙන සුඵ රෝග වළකාගැනීම සඳහා සුදුසුම දේ වන්නේ කැන්ගන් වතුර බව මට නිර්භයවම පැවසිය හැකිය.’’

‘‘ශ‍්‍රී ලංකික ජනතාවට මෙම කැන්ගන් වතුර ලබා ගැනීමට හැකි වන්නේ සහ නිවැරදිව කැන්ගන් වතුර භාවිතා කරන්නේ කෙසේද පිළිබඳවත්, ඇමරිකාව, ජපානය ඇතුළු රටවල්වල විශේෂඥ වෛද්‍යවරුන් කැන්ගන් වතුර පිළිබඳ පවසන දේ ඇතු`ඵ සවිස්තරාත්මක ලිපියක් ලබන දිවයින කලාපයේ පලවේ.’’

එල්. ගුණරත්න
සැකසුම : අමරසිංහ මාලගේ
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button