පළකල දිනය : Tue, Jul 30th, 2019

ලෝක ජනගහනයෙන් බාගයකට වැඩි පිරිසකට ලංකාවට ඇතුළු වීමට වීසා

ශ්‍රී ලංකාවට ඇතිවීම සඳහා රටවල් 45කට ලබන පළවෙනිදා සිට නිදහස් වීසා පහසුකම් ලබාදීමට රජය තීරණය කර ඇත.

එම රටවල් 45 අතර ලෝක ජනගහනයෙන් 40%ක් ආසන්න නියෝජනයක් ඇති ඉන්දියාව සහ චීනය ද ඇතුළත් වේ.

ඒ අනුව ලෝක ජනගහනයෙන් භාගයකට වඩා වැඩි ප්‍රමාණයකට මෙම පහසුකම හිමිවේ.

රජය පවසන්නේ සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා මෙම පියවර ගත් බවයි.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තයට එල්ල වූ තර්ජනය හා පසුබෑම සමනය කිරීමට මෙම පියවර ක‍්‍රියාත්මන කරන බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මෙමගින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට වසරකදී කෝටි 1000 ක පමණ අලාභයක් සිදුවනු ඇතැයිද පැවසේ.

Source – Lanka C News

  • 227
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button