පළකල දිනය : Tue, Jul 30th, 2019

මාලිංග ගැන කියපු කතාව

ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගත් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය අවසන් තරගයේදී තමනට ස්තුති කිරීම ගැන හිටපු මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළේය.

තංගල්ලේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩලය අමතමින් ඔහු පැවසුවේ තමනට ස්තුති කල නිසා අද මාලිංගට පහර ගසමින් ඇති බවයි.

2008 වසාරේදී මාලිංගගේ පාදයේ අබාදය සුව කර ගැනීමට වෛද්‍යවරයෙකු හදුන්වා දීම ගැන 2019දී මාලිංග කියන තෙක් කිසිදු අවස්ථාවක මහින්ද රාජපක්‍ෂ මහතා වචනයක් හෝ පවසා නැත.

එමෙන්ම ප‍්‍රවීණ උපකාර පංති දේශකයෙකු මෙන්ම එජාප සංවිධායකයෙකුද වූ උපුල් ශාන්ත සන්නස්ගල මහතා, රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීරද පවසා ඇත්තේ තමට අවශ්‍යම අවස්ථාවල මහින්ද රාජපක්‍ෂ මහතා උපකාර කල බවයි.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button