පළකල දිනය : Wed, Jul 31st, 2019

ලොව පුරා කතා බහට ලක්වන ලංකාවේ මැණිකක්

මේ දිනවල මෙරට ප්‍රදර්ශනය කෙරෙන වටිනා මැණිකක් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය තුළ පවා දැඩි කතාබහක් ඇති වී ඇත.

මේ රන් ඔටුන්නට ඔබ්බවා ඇති මැණිකේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2.5කට අධිකයි.

මේ දිනවල මෙරටදී ප්‍රදර්ශනය කෙරෙන එය බ්ලූ ස්ටාර් සෆායර් වර්ගයේ මැණිකක්.

එමෙන්ම වාණිජමය වශයෙන් පවතින එම වර්ගයේ ලොව විශාලතම මැණික වන්නේද මෙයයි.

මෙම මැණිකේ අයිතිය ටීෂ් (Tiesh) නම් ස්වර්ණාභරණ සමාගමටයි.

එහි අධ්‍යක්ෂක අයේෂ් ද ෆොන්සේකා (Ayesh De Fonseka) මහතා කියා සිටියේ මීට සමාන ස්වර්ණාභරණ ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවලදී ප්‍රදර්ශනය කෙරෙන නමුත් මෙය සියැසින් දැකබලා ගැනීමට අවශ්‍යනම් මහනුවර පිහිටි සිය ප්‍රදර්ශනාගාරයට පැමිණිය යුතු බවයි.

මෙම මැණික කැරට් 332ක බරින් යුතු බව එය අයත් සමාගම පවසයි.

මෙය කපා ඔප දැමීමට පෙර මෙයට වඩා විශාල මැණිකක්ව තිබී ඇති අතර එය කැරට් 2 00 000ක් එනම් කිලෝ ග්‍රෑම් 40කට අධික බරින් යුතු වුණි.

ලොව ප්‍රමුඛ පන්තියේ මැණික් නිෂ්පාදනය සඳහා වන උරුමයට හිමි ඔටුන්න තවමත් ශ්‍රී ලංකාව සතු වෙයි.

ඒ අතර බ්ලූ සෆායර් (blue sapphires) , ස්ටාර් සෆායර් (star sapphires) සහ කැට්ස් අයිස් (Cat’s Eyes) ලෙස හැඳින්වෙන මැණික් වර්ග ලොව අතිශය ජනප්‍රියයි.

Source – AdaDerana

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button