පළකල දිනය : Sun, Aug 4th, 2019

කවීශාගේ ඇත්ත කතාව

ජූලි මස අවසන් සතියේ කවීශාගේ යෙහෙලියක් එම යෙහෙලියගේ පෙම්වතා සමග මෝටර් රථයක ගමන් කරමින් සිටියේය. එහිදී එම පෙම්වතා තමන් අලුතින් ලබා ගත් මෝටර් රථයක් බව පවසා ඇත. එම අවස්තාවේදි පෙම්වතා විසින් කවීශාගේ යෙහෙලියට අයුතු යෝජනා කර ඇති අතර එම යෝජනා වලට ඇය කැමති වී නොමැති බව සදහන් වේ.

එම අවස්තාවේදී පෙම්වතා රු 100000ක මුදලක් ඇයට ලබා දී ඔහු සමග සිටින බවට පවසා ඇති අතර ඇය එම මුදල් මෝටර් රථයෙන් එලියට විසි කර ඇති අතර එම මුදල් අහුලා ගැනීමට මෝටර් රථයෙන් පෙම්වතා බැසගියපු අවස්තාවේ පෙම්වතිය මෝටර් රථයෙන් බැස පලාගිය බව සදහන් වේ. එම අවස්තාවේ පෙම්වතියගේ ජන්ගම දුරකතනය මෝටර් රථය තුල වැටී ඇති බව දුටු කවීශාගේ යෙයෙලියගේ පෙම්වතා එම දුරකතනයේ තිබූ දුරකථන අන්ක වලට අමතා ඇති අතර එම අවස්තාවේ කවීශාට දුරකථන ඇමතුම ලැබී ඇත.

ඔහු සදහන් කර ඇත්තේ. “සුබෝදිනිට සනීප නැ නන්ගී. කන්නෙත් නැ අඩනවා ඉවරයක් නැ ඔයා ඇවිල්ල කතා කරල හිත හදන්න විභාගයත් ලගයි පාඩම් කරන්නෙත් නැ” යැයි කසුන් අදිකාරි නැමති කවීශාගේ යෙහෙලිය වු සුබෝදිනිගේ පෙම්වතා පවසා ඇත. එම අවස්තාවේ කවීශා පවසා ඇත්තේ “මට පන්ති යන්න ඕන පන්තියේ අවසන් දවස බවය” තවද කවීශාගේ හොදම යෙහෙලියන් වෙත මෙම සිද්දිය පවසා ඇති අතර ඔවුන් කිසි කෙනෙක් මේ බව වැඩිහිටියකුට පවසා නොමැත .

කෙසේ වෙතත් දිනය උදා විය. කවීශා සුබෝදිනීට උදව් කිරිමට සිතා ගත්තේ සුබෝදිනිගේ සිත්තැවුල නිවා දැමීමටය. කසුන් අදිකාරි නැමති පුද්ගලයා පවසා ඇත්තේ සුබෝදිනි සිටින්නේ හෝටලයක කාමරයක බවත් සුබෝදිනිගේ නිවසින් තමන්ට අකමැති වීම නිසා සුබෝදිනි සමග පැන ගිය බවත්ය. ඉන්පසු මැල්සිරිපුර ප්‍රදේශයේ ඇති හෝටලය වෙත ලගා විය. කවීශාගේ ජීවිතයේ අවසන් පැය කීපය උදාවිය.

හොටෙල් කාමරය තුලට ගිය පසු කවීශාට වැටහුනේ තමන් රැවටුන බවක්ය. එහෙදී කසුන් අදිකාරී විසින් කවිශාට අයුතු යෝජනා සිදු කර ඇති අතර එම කිසිවකට ඇය කැමති වී නැත. ඉන් පසු මෙම පාපතර කාලකන්නියා ඇයව මරා ඔහුගේ කාමුක අශාව මළමිනියක් තුලින් ඉටු කර ගැනීමට තරම් පහත් තත්වයකට වැටී ඇත.මිනීමැරුම සිදු කලපසුද කසුන් අදිකාරි නැමති කාලකන්නියා ඔහුගේ පෙම්වතියගේ නිවස අවට සිටි බවද වාර්තා වී ඇත.

මෙම මිනිමරු දූශකයා පෙර, පැවදී වී ඇති අයකු ලෙසද වාර්තා වේ. මොහු පැමිනි මෝටර් රථය සහ ඔහු ලග තිබූ මුදල් කුරුනැගල ප්‍රදේශයේ විහාරස්තානයකින් සොරකම් කර ඇති බවද සදහන් වේ.

අවසානයේ කිසිවක් නොදන්න කවීශා තම යෙහෙලියගේ ජීවිතය බේරගැනීම සදහා තමන්ගේ ජීවිතය කැපකලහ. අවසානයේ කවීශාගේ සොහොනට පස් මිටක් වත් දැමීමට ඉතිරි වූයේ හොදම යහලුවන් නොව සැබැ යහළුවන්.

(උපුටා ගැනීමකි)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button