පළකල දිනය : Fri, Aug 9th, 2019

මධුෂ් ගැන ඉල්ලීමක්

රැඳවුම් භාරයේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් මුදාහරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මාකඳුරේ මධුෂ්ගේ රැදවුම් නියෝග පසුගිය තුන්වැනිදා අවසන් වී ඇති බවත් එම රැඳවුම් නියෝගය දීර්ඝ කොට නොමැති නිසාත් ඔහු මුදා හරින්නැයි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලීය.

මෙම ඉල්ලීම සලකා බලමින් මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා කියා සිටියේ පැමිණිල්ල ලබන 21 වනදා යළි කැඳවන බවයි.

එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ද නියෝග කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ප්‍රභූවරුන් දිවි අහිමි කිරීමේ සැලසුමක් සිදුකළේ යැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් මාකදුරේ මධූෂ් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටි.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button