පළකල දිනය : Sun, Aug 11th, 2019

කොබෙයියන්ට රාජාලියන් වෙන්න බෑ

කුමන ස්වරූපයෙන් පැමිණිය ද රට විනාශ කරන්නන් හඳුනා ගනිමින් ඔවුන් පරාජය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කුරුණෑගල නගර ශාලාවේ පැවති වන්දි ප්‍රදානය කිරීමේ උත්සවටය එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පසුගිය වසරේ යල කන්නයේ නියඟයෙන් පීඩාවට පත්වූ ගොවීන්ට වන්දි ගෙවීම ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ යළ කන්නයේ වී වගාවට සහ බඩඉරිගු වගාවට නියගයෙන් එල්ලවූ හානි වෙනුවෙන් වන්දි ගෙවීමට රජය රුපියල් කෝටි දාහතරහමාරක මුදල් වෙන් කර තිබෙනවා.

ඒ ගොවීන් 6659 දෙනෙකු වෙනුවෙන්. එය සංකේතවත් කරමින් ගොවීන් දහසකට ආසන්න ප්‍රමාණයකට රුපියල් මිලියන 40 ක මුදලක් අද ප්‍රදානය කෙරුණා.

ඉදිරි දින කිහිපය තුළ සියලුම ගොවීන්ට වන්දි ගෙවා නිම කිරීමටයි රජය මේ වන විට කටයුතු සම්පාදනය කර ඇත්තේ.

Source – ITNNews.lk

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button