පළකල දිනය : Sun, Aug 11th, 2019

නායකයාගේ නම කියද්දී හිටගැනෙන්න ඕනෑ

අද ශ්‍රී ලංකාවට ශක්තිමත් නායකයෙකු අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

නායකයාගේ නම කියන විට හිට ගන්නා තත්වයක් ඇතිවිය යුතු බවද ඔහු සඳහන් කරයි.

එසේ නැතිව මේ රට හැදීමට බැරි බව ද එවන් ශක්තිමත් නායකත්වයක් ගොඩ නැංවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා නම්‍යශීලීව කල්පනා කරමින් සිටින බවද ඔහු පැවසීය.

එසේ කල්පනා කර ජනතාවගේ පැත්තේ සිට තීන්දුවක් ගැනීමට සූදානම් බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

බණ්ඩාරවෙලදී පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button