පළකල දිනය : Sun, Aug 11th, 2019

මෛත‍්‍රී – මහින්ද එකගත්වයකට

ශ්‍රී.ල.නි.ප. නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුන්වැනි අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට තරග නොකිරීමටත් එම පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීමටත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකඟත්වයකට පැමිණීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති ප්‍රථම හමුවේදී මේ ගැන මූලික එකඟත්වයක් ඇතිකරගෙන තිබේ.

මෙහිදී ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් පොහොට්ටුවට එක්වූ පසු ඔවුන්ගේ දිස්ත්‍රික් නියෝජනයන් ආරක්ෂා කර දෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා ඇත. ඊට මහින්ද රාජපක්ෂ මහතා එකඟත්වය පළකර තිබේ.

දෙපක්ෂය අතර කෙරෙන සාකච්ඡා ඉදිරියට ගෙනයාමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමන්ගේ ආණ්ඩුවක හිමිවන ස්ථානය ගැන එම සාකච්ඡාවේදී තීරණයක් ගැනීමටත් දෙපක්ෂය එකඟ වී ඇතැයිද සඳහන්ය.

ජනාධිපතිවරයා සිය කාම්බෝජ සංචාරය නිමවා පැමිණි පසු ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනම මුණගැසීමට නියමිතය. ඒ කෙසේ වෙතත් දැනට ශ්‍රී.ල.නි.ප.යේ සිටින මහින්ද සමරසිංහ, මොහාන් ලාල් ග්‍රේරු, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එ.ජා.ප.ය සමඟ එක්වන බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

– දේශය පුවත්පතෙන් උපුටා ගන්නා ලද්දකි.

  • 872
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button