පළකල දිනය : Fri, Aug 16th, 2019

සජිත් කියන්නේ හොරි කතා – බන්දුල කියයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසන ආකාරයට ඔහු ජනාධිපති වුවහොත් රුපියල් පනස් දහසකින් රජයේ සේවකයන්ගේ වැටුප් කිසිසේත්ම වැඩි කළ නොහැකි බව හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දැනටමත් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 900ක මුදලක් වැය කරන බවයි.

තවත් රුපියල් 50,000 කින් වැටුප් වැඩි කළහොත් තවත් බිලියන 900 ක මුදලක් ඒ සඳහා අමතරව වැය වන බව ද ඔහු පැවසීය.

මෙරට සම්පූර්ණ වාර්ෂික ආදායම රුපියල් බිලියන 2000 ආසන්න මුදලක් පමණක් බවත් එයින් බිලියන 1800ක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට වෙන් කළහොත් ඉතිරි කටයුතු සදහ් බිලියන 200ක් කිසිසේත්ම ප‍්‍රමාණයත් නැති බවද ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

‘හොරි වගේ කහනකන් සනීපයි.. පස්සේ තමයි දැවිල්ල එන්නේ’ යයි ද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button