පළකල දිනය : Sun, Aug 18th, 2019

අද ඉන්න හමුදාපති පොල්පිත්තකින් කපා ගන්න පුළුවන්

අද සිටින ආකාරයේ හමුදාපතිවරයෙකු පොල් පිත්තකින් කපා ගත හැකි බව විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

පාස්කු ඉරිදා දිනයේ මෙරටට බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ද දැනගත්තේ අන්තර්ජාලයෙන් බවට වර්තමාන හමුදාපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ගුණරත්න මහතා මේ බව සඳහන් කළේය.

රටේ වැඩිම බුද්ධි එකක ප්‍රමාණයක් ඇත්තේ හමුදාපතිවරයා යටතේ බවත් ඔහු යටතේ බුද්ධි නිලධාරීන් 3500ක් පමණ සිටින බවත් ගුණරත්න මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

Source – Lanka C News

  • 827
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button