පළකල දිනය : Sun, Aug 18th, 2019

මෝඩි පලමු බෞද්ධ ප්‍රාන්ත රාජ්‍යය ඉන්දියාවේ බිහිකරයි

ඉන්දියාවේ හිමාලයට යාබදව ජම්මු කාශ්මීර ප්‍රාන්ත රාජ්‍ය තුල තිබු දිස්ත්‍රික් දෙකකින් සමන්විත ලඩ්කා Ladakh කොටස නව පරිපාලන ඒකකය ලෙස පසුගිය සතියේ එනම් අගෝස්තු 5 වෙනිද අගමැති මෝඩි විසින් ප්‍රකාශයට පත් කල අතර එය නව ප්‍රාන්තයක් ලෙස ලබන ඔක්තෝබර් මස 31 දා සිට බලපැවැත්වෙනු ඇත

පසුගිය දා මැතිවරණයෙන් ඉන්දීය අගමැතිවරයාගේ පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර එම මැතිවරණයේදි අගමැතිවරයා විසින් ලඩ්කා බෞද්ධ ජනතාව වෙත දුන් පොරොන්දුවක් අනුව මෙම නව ප්‍රාන්ත රාජ්‍ය බිහි කල අතර මෙය ශ්‍රීලංකාවේ විශාලත්වයට (25333) සමාන වර්ග සැතපුම් 22000 පමණ වේ.

මුස්ලිම් බහුතරයක් වෙසෙන සමස්ථ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ වර්ග සැතපුම් 39127 ක් වන අතර ඉන් වර්ග සැතපුම් 22000 ක් (58%) නව ප්‍රාන්තයට අයත් වේ. ඊට යාබදව පකිස්තානය වර්ග සැතපුම් 33145 ක් ද චීනය වර්ග සැතපුම් 14500 ක් පාලනය කරයි.

18 වන සත වර්ෂයේ බෞද්ධ රාජ්‍යක් වූ ජම්මු කාශ්මීර රාජ්‍යය පසුව මුස්ලිම්වරුන් විසින් ආක්‍රමණය කල අතර එහි අදටත් ඉතිරිව ඇති බෞද්ධයන් වෙනුවෙන් නව ප්‍රාන්ත බිහිකිරිම එහි වෙසෙන 77 % ක් වු බෞද්ධයන්ට අගමැති මෝදී දුන් පොරොන්දුවක් ඉටු කිරීමකි. එමෙන්ම එහි මුස්ලිම්වරුන් 14% ක් සහ හින්දුන් 8% ක් ජීවත් වෙති.

මේ වනවිට නව පොලිස්පතිවරයෙකු යටතේ පාලනය කිරිම මේ වනවිටත් ආරම්භ කොට ඇති අතර ප්‍රාන්ත ආදායම් ප්‍රධානියා ද අගමැතිවරයා විසින් මේ වනවිට පත් කොට ඇත.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button