පළකල දිනය : Wed, Aug 21st, 2019

එජාප ජනාධිපති අපේක්‍ෂක කරු ජයසූරිය ?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කරගත් සන්ධානයකින් ඉදිරිපත් කරන්නේ වර්තමාන කථානායක කරු ජයසූරිය මහතා බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සමීප ප්‍රබලයකු කියා සිටියේය.

ඔහු සඳහන් කළේ දැනටමත් ඒ සම්බන්ධයෙන් තීරණාත්මක අවසන් වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම තීරණයට විරෝධය පාමින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනම පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ත වීමට සූදානමක් ඇති බවද ඔහු පැවසීය.

දැනටමත් සජිත් පාර්ශවය වෙනුවෙන් රාජාලියා ලකුණ සහිත පක්ෂ සමග සාකච්ඡා කර ඇති බවට ද ඔහු තහවුරු කළේ ය.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂක ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවද ඔහු සදහන් කලේය.

Source – Lanka C News

  • 431
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button