පළකල දිනය : Mon, Aug 26th, 2019

රනිල් ඉවත් කර සජිත් අගමැති කලොත් මං ධුරයෙන් ඉවත් වෙනවා

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර පසුගිය ඔක්තෝබර් 26 වැනි දා මෙන් සිදුවීමක් නැවත සිදු වුහහොත් තමන් මොහොතක් හෝ කතානායක ධූරය රැඳී සිටින්නේ නැතැයි කථානායක කරු ජයසූරිය මහතා පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇතැයි පැවසෙන්නේ තම සමීපතම පුද්ගලයන් පිරිසක් සමගයි.

ඔක්තෝබර් 26 සිද්ධියේදී තමන් බරපතළ අභියෝග ගණනාවකට මුහුණ දුන් බවත් දැඩි අපහසුතාවයට පත්වූ බවත් පවසා ඇති කතානායකවරයා නැවතත් එවන් තත්ත්වයකට මුහුණ දීමට තමා කැමැති නැති බවද සඳහන් කර තිබේ.

කතානායකවරයා මෙම අදහස් පළ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත්කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා සැරසෙන බවට පළ වන වාර්තා ගැන අදහස් පල කරමිනි.

Source – Lanka C News

  • 509
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button