පළකල දිනය : Tue, Aug 27th, 2019

හමුදාවට සම්බන්ධ නැති අපේක්‍ෂකයකු සමග තරග කිරීම ගෝඨාභයට වාසී

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හමුදාවට සම්බන්ධ නැති දේශපාලනඥයකු ඉදිරිපත් වුවහොත් ඉන් ගෝඨාභයට වාසිදායක තත්ත්වයක් උදාවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පෙරේදා (25 දා) පැවසීය.

කැලණිය දළුගම්ගොඩ ශී‍්‍ර ධර්මාරාම විහාරයේ දාන ශාලාව විවෘත කිරීමෙන් අනතුරුව එහි විහාරාධිපති කතළුවේ නිමලසිරි හිමියන් හා කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිනි, ශාන්ති කුමුදිනී මෙනවිය, උප සභාපති ලංකා විජිත කුමාර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණවීර මහතාගේ පෞද්ගලික ලේකම් චමත් අල්විස්, ව්‍යාපාරික පරාක‍්‍රම සමරවීර යන මහත්වරුන් සමග සුහද කතාබහකදී කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා එසේ පැවසීය.

මෙම ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දෙනවා දැයි කතළුවේ නිමලසිරි හිමි නැගූ ප‍්‍රශ්නයකදී සරත් ෆොන්සේකා මහතා සිනාසුණේය.

ඔබ සමග දේශපාලන වේදිකාවේ ඔබට පසුපසින් සිටි පළාත් සභා මන්තී‍්‍රවරයා මෑතක සිට දකින්නට නැත්තේ ඇයි දැයි කියා ප‍්‍රශ්න කිරීමේදී සරත් ෆොන්සේකා මහතා මෙසේ කීවේය.

‘එයා මාත් එක්ක පත්තර ටී වී වල පින්තූරවලට පෙනී සිටියා. දැන් එන්නේ නැහැ. ළඟදී ඡන්දයක් තියෙනවානේ. එයාගේ බලාපොරොත්තුව ඉටු නොවන නිසා එයා එන්නේ නැහැ.’

ගෝඨාභය රාජපක්‍ෂ මහතාත්, සරත් ෆොන්සේකා මහතාත් අපේ රටට කළ වීරෝදාර කි‍්‍රයාමාර්ග මුළුමහත් රටට අමතක නොවන බව මෙහිදී කතළුවේ නිමලසිරි හිමියෝ සරත් ෆොන්සේකා මහතාට කියා සිටියහ.

නෝමන් පලිහවඩන
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button