පළකල දිනය : Wed, Aug 28th, 2019

කවුරුත් නොහිතපු දිල්ශාන් කරපු වැඩේ මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ හිටපු නායකයකු වූ සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හා ප්‍රවීණ ගායන ශිල්පි සුනිල් එදිරිසිංහ ඇතුළු පිරිසක් වවුනියාවේ දුෂ්කර ගම්මානයක පන්සලකට අවශ්‍යව තිබූ චෛත්‍යයක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තබනු ලැබීය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්.ජේ.එස්. ගුණවර්ධන මහතා විසින් අලගල්ල, තීරුවේගම විහාරස්ථානයට අවශ්‍යව තිබූ චෛත්‍යය ඉදිකිරීම් පිළිබඳව සොයා බලා එයට මූල්‍යාධාර ලබාදෙනලෙස පිරිස් දැනුවත් කිරීමෙන් පසුව මෙසේ චෛත්‍යය ඉදිකිරීම ආරම්භ කර ඇත.

චෛත්‍යය ඉදිකිරීම් වෙනුවෙන් මූල්‍ය දායකත්වය ලබාදෙන සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්, ප්‍රවීණ ගායන ශිල්පි සුනිල් එදිරිසිංහ, ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරි අනුර එළියපුර යන අයගේ සහභාගිත්වයෙන් හා වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් හා 21 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරණ, සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ලාල් කිත්සිරි යන අයගේ සහභාගිත්වයෙන් ඉදිකිරීමට නියමිතව නව චෛත්‍යය වෙනුවෙන් මුල්ගල් තැබීය. චෛත්‍යය ඉදිකිරීමට මූල්‍ය දායකත්වය ලබාදීමට අමතරව චෛත්‍යයේ සියලු ඉදිකිරීම් කරනු ලබන්නේ යුද හමුදා ශ්‍රමදායකත්වයෙනි.

– ශෂි කුමාර්
Source – මව්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button