පළකල දිනය : Fri, Sep 6th, 2019

මං ජනාධිපති වුණාම රට කරන්නේ ජනාධිපති මන්දිරේ සිට නොවෙයි

ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් ජනාධිපති වීමෙන් පසු ජනාධිපති මන්දිරියේ වාසය කරන්නේ නැති බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කරයි.

තමන්ගේ මන්දිරය, තමන්ගේ රජගෙදර පොදුජන සේවය යයිද ඔහු කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ කුරුණෑගලදී පැවති ‘සජිත් එනවා’ ජනහමුව අමතමිනි.

මෙරට බලවත්ම තනතුරට පත් වූ පසු තමන් මුල අමතක කරන්නේ නැති බවත් ජනතාවට කළගුණ දක්වන බවත් ඔහු සදහන් කලේය.

දැනටද පාන්දර හතරේ සිට රාත‍්‍රී දොලහ වන තෙක් නිදි මරාගෙන වැඩ කරන තමන් ඩනාධිපති වූ පසු නිදිමරන කාලය තවත් වැඩි කරන බවද ඔහු පැවසුවේය.

2015 ජනාධිපතිවරණයේදි එවකට පොදු අපේක්‍ෂක ලෙස තරග කරන ලද වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද කියා සිටියේ තමන් පොලොන්නරුවේ සිට රට පාලනය කරන බවකි.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button