පළකල දිනය : Mon, Sep 9th, 2019

ජනපති හෝ අගමැති ධුරය නොදෙන බව සජිත් පිල මෛත‍්‍රීට කියූ හැටි

සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් කිසිසේත්ම මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපති අගමැති ධුරය ලබා නොදෙන බව එක්සත් ජාතික පක්ෂය සජිත් පිලේ ප‍්‍රබලයන් ගණනාවක්ම සදහන් කර සිටිති.

අජිත් පී පෙරේරා රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වුවහොත් අගමැති ධුරය ලබා නොදෙන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා ද එජාප පළාත් පාලන නියෝජිත හමුව අමතමින් සඳහන් කරන ලද්දේ තමන් ජනාධිපති වූ පසු අගමැති ධුරයට පත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පුද්ගලයෙකු බවයි.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම ජනාධිපති අපේක්‍ෂකත්වය හෝ අගමැති අපේක්‍ෂකත්වය ලබා නොදෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණද සදහන් කර ඇත.

  • 348
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button