පළකල දිනය : Tue, Sep 10th, 2019

සජිත් චම්පික අලුත් විදිහකට

එජාප ජනාධිපති අපේක්ෂකත්වය හිමි වීමේ අවස්ථාව අවම විමත් සමග ජාතික හෙළ උරුමය ඇතුලු නව පෙරමුණක් හෝ සන්ධානයකින් ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග වැසීමට සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායම තීරණය කර ඇති බව පුවත් අඩවි වාර්තා කරයි.

මේ පිලිබව වූ සාකච්චාවක් සජිත් පිල හා ජාතික හෙල උරුමයේ ප‍්‍රධානීන් අතර පැවැත්වී ඇතැයිද සදහන්ය.

ජනාධිපති අපේෂක්‍ක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාත්, අගමැති අපේක්‍ෂක ලෙස චම්පික රණවක මහතාත් ඉදිරිපත් කිරීමට එම සාකච්චාවන්හිදි මූලික එකගතාවයකට පැමිණ ඇතැයිද වාර්තාවන් කියයි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හකීම්, බදියුදීන්, මනෝ ගනේෂන් ඇමතිවරුන්ගේ පක්‍ෂද මෙම නව පෙරමුණ සදහා එකගතාවක පසුවන බවද සදහන්ය.

ඒ අනුව ජනපතිවරණය ඉලක්ක කරමින් නව පුළුල් සන්ධානයක් ඇති කිරිමට ශ්‍රීලනිප හා ජවිපෙ ඉතා ඉක්මනින් සාකච්ඡා පැවැත්වීමට සජිත් පිල විසින් තීරණය කර ඇති බවද තව දුරටත් දැක්වෙයි. මෙ අතර එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමේ අරමුණින් පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා අද සවස අරලියගහ මන්දිරයේදී හමුවීමට නියමිතය.

එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් සහ අගමැතිවරයා අතර පසුගිය 06 දා පැවති සාකච්ඡුාවේදී තීරණය වූ පරිදි මෙම හමුව සිදුවන අතර මෙය කලින් යොදාගෙන තිබුණේ ඉරිදා පැවැත්වීමටය.

එහෙත් එම දෙදෙනාම කාර්යබහුල වීම සහ කොළඹින් බැහැරව සිටීමත් නිසා එම හමුව අදට කල් දමනු ලැබිණි.

මෙම හමුව පැවැත්වෙන වේලාව සම්බන්ධව තීරණයක් ගෙන නොමැති අතර එය බොහෝ දුරට සවස සිදුවනු ඇතැයි අරලියගහ මන්දිරයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

Source – Lanka C News

  • 300
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button