පළකල දිනය : Wed, Sep 11th, 2019

අරලිය සාකච්චා අවසන්.. එජාප අපේක්‍ෂක සජිත්..?

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

සාකච්චාවට සහභාගී වූ ඇමති මලික් සමරවික‍්‍රම මහතා කියා සිටියේ සාකච්චාව අවසන් අදියරට නොගිය බවයි.

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඊයේ දින සාකච්චාවේදී අවසන් තීන්දුවක් ගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් විසින් විශාල ප්‍රචාරයක් ගෙන ගියේය.

කෙසේ නමුත් කිසිදු එකඟතාවකින් තොරව එම සාකච්ඡාව අවසානයේ ඇත.

මේ ගැන සජිත් ප්‍රේමදාස මහතාගෙන් මාධ්‍ය විසින් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සාකච්ඡා කලේ ඉදිරි දේශපාලන කටයුතු ගැනත් එක්සත් ජාතික පක්‍ෂය හා එක්සත් ජාතික පෙරමුණ ගැන බවත්ය.

සාකච්චාවෙන් පසු සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී සමාජ ජාලා පිටු විසින් සදහන් කරමින් ඇත්තේ ඉදිරි දින කිහිපයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබෙන බවයි.

නමුත් රනිල් පාර්ශවයෙන් ඒ බව කිසිදු තහවුරු කිරීමක් සිදු කල නැති අතර මෙම සාකච්චාව පැවැත්වුණෙම ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමට කියමිනි.

කෙසේ වෙතත් පසුගිය සතියේදී අගමැතිවරයා විසින් එජාප ජ්‍යෙෂ්ඨයන්ට දන්වා තිබුනේ තමන් මීලග ජනාධිපතිවරණයට තරග වදින බවත් ඒ සදහා කාත්‍යාධිකාරියේ බහුතර බලයද තමනට ඇති බවත්ය.

Source – Lanka C News

  • 54
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button