පළකල දිනය : Tue, Sep 17th, 2019

දරු මුණුබුරන් 250ක් දැකබලා ගත් 108ක් වියැති සුදු හාමි අම්මාගේ කතාව

මොනරාගල දිස්ත‍්‍රික්කයේ සියඹලාණ්ඩුව ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ මහරාව ප‍්‍රදේශයේ පදිංචි දැනට ලංකාවේ වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන කේ. ජී. සුදුහාමි මාතාව වර්ෂ 1912.12.04 දින මහරාව ප‍්‍රදේශයේ දී උපත ලබා ඇත.

මේවනවිට වයස අවුරුදු 108ක් වන සුදු හාමි මාතාව දරුවන් අට දෙනකුගේ මවක් වන දැනට පස් මුණුබුරු මිණිබිරියන් දැක ඇති මීමිත්තනියක් වන අතර ඇයට මුණුබුරු මිණිබිරියන් 250 ක් පමණ සිටින බව එක් මිණිබිරියක් අපට පැවසීය.

මෙම සියලූ‍ දෙනා ගොවිතැන් කර සාමාන්‍ය ජීවිකාවන් ගත කරන අතර සුදුහාමි මාතාව ඇගේ තුන්වන දරුවා වන කේ. ජී. ජේන්නෝනා සමග දිවි ගෙවන්නීය. ඇයත් දැනට වයස අවුරුදු 67ක් වන තිදරු මවකි.

සුදුහාමි මාතාව අතීත තොරතුරු අප සමග පැවැසුවේ ඉතා රසවත් කතාන්දරයක් කියනා ලෙසයි. ‘‘මම තරම් පින් කරපු කෙනෙක් තවත් නැතිව ඇති මේ ලෝකේ. මම 11 වතාවක් සිරිපාදයේ ගිහින් වැඳපුදා ගත්තා. ඒ කාලයේ මම පොල් ගස් වල නගලා එක් වරකට පොල් ගෙඩි 16 විතර කඩාගෙන එනවා.’’

මෙම මාතාව දැනට ජීවිත් වන නිවාසය දහඅට වැනි සියවසේ ඉදිකළ නිවසක් වන අතර දැනට එය ඉතා අබලන් තත්ත්වයේ පවතියි. නිදා සිටින කාමරයේ නිතර නිතර පස් කැට කඩා වැටෙන බව ඇය පවසයි.

තමන්ට කුඩා හෝ නිවසක් සාදා දෙන්නේ නම් විශාල පිනක් බව ඇය කියා සිටින්නීය. මේ සම්බන්ධයෙන් යම් විමසීමක් කරන්නේ නම් 0703966711 විමසන ලෙස ඇය ඉල්ලා සිටී.

මොනරාගල නයන ඉහලගෙදර
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button