පළකල දිනය : Sun, Sep 22nd, 2019

සැවොම හිනැස්සූ බන්දුව හැඬවු ආබාධිත රණවිරුවන්

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව අද 12වැනි දිනටත් පැවැත්වෙයි.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පසුගිය 11 වැනිදා සිට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වෙයි.

දවටගහ පල්ලියේ ප්‍රධාන පූජකතුමන් ඇතුලු උලමාවරුන් පිරිසක් පැමිණ විරෝධතාවයට සහාය පළ කර සිටියේය.

ඊයේ පස්වරුවේ සිංහලේ අපි ජාතික සංවිධායේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේදී පහන් පූජාවක් පවත්වා ඇත.

රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා ඇතුලු කලාකරුවන් පිරිසක්ද ඊයේ රාත්‍රියේ විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමඟ සුහඳ කතා බහක නිරත වුණි.

කෙසේ වෙතත් ආබාධිත රණවිරුවන් අද පත්ව ඇති තත්ත්වය අතිශය සෝචනීය බව ඔහු මාධ්‍යට කියා සිටියේ හැඬූ කඳුලින්.

ඊයේ රාත්‍රියේද විරෝධතාවයේ නිරත අබාධිත රණවිරුවන්ට ජනතාව සිවිල් සංවිධාන විසින් ආහාර පාන පිරිනමා සංග්‍රහ කර ඇත.

අද පෙරවරුවේ කොටුවේ පොඩි හාමුරුදුරුවෝ නමින් හැඳින්වෙන පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමිද විරෝධතාව පැවැත්වෙන ස්ථානයට වැඩම කර විරෝධතාකරුවන්ගේ සුවදුක් විමසා සිටියේය.

මේ අතර මෙම විරෝධතාවයට සහය පළ කරමින් ජනාධිපති සර්ව ආගමික උපදේශක අබ්දුල් කාදර් හස්බුල්ලා මවුලවිතුමන් අද විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණියේය.

දින 12ක් පුරා අඛණ්ඩව පවත්වන මෙම විරෝධතාවයට අඟහරුවාදා වන විට විසදුමක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් අද පෙරවරුවේ පොල් ගසා දේව කන්නලව්වක් සිදුකර ඇත.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාද අද එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන්ට ආහාර පාන ලබා දුන්නේය.

Source – AdaDerana

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button