පළකල දිනය : Sun, Sep 22nd, 2019

දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ කතාව

අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ හඬ පටයක් අන්තර්ජාලයේ සංසරණය වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදහස් පල කරයි.

මාතලේ දිස්ත‍්‍රික් ශ‍්‍රීලනිප සමුළුව අමතමින් ඔහු කියා සිටියේ දේශපාලන පළිගැනීම් සිදු කිරීමට බොරු නඩු දමා අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන්නේ කවුදැයි ඇය විසින් හෙළි කළ යුතුව ඇති බවයි.

දිල්රුක්ෂි ඩයස් මහත්මිය එකල පෙරවරුවේ අල්ලස් කොමිසමේත් පස්වරු කාලයේ රාජකාරිය අවසන් වීමෙන් පසු අරලිගහ මන්දිරයේද කටයුතු කළ බව ජනාධිපතිවරයා කීවේය.

ඇයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් ලබා දෙන ලෙස අගමැතිවරයා විසින් තමන්ගෙන් මෑතක දී ඉල්ලීමක් කළ බවද මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියේය.

Source – newsfirst

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button