පළකල දිනය : Mon, Sep 23rd, 2019

හඬ පටය තමන්ගේ බව අන්තිමේ දිල්රුක්‍ෂි පිලිගනී

සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇතැයි වාර්තා වේ.

සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන ‘ඇවන්ට් ගාඞ්’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප‍්‍රතිකාර ලබන අතරතුර පසුගිය සිකුරාදා (20දා) සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබූ ආන්දෝළනාත්මක හඬ පටය සම්බන්ධයෙන් එදිනම පස්වරුවේ නීතීපතිවරයා හමුවී ඇය මෙම පිළිගැනීම කොට ඇතැයි වාර්තා වේ.

සොලිසිටර් ජනරාල් වික‍්‍රමසිංහ මහත්මිය පසුගිය සිකුරාදා නීතිපති දෙපාර්තමෙන්තුවේ රාජකාරියට පැමිණි පසු නීතීපතිවරයා ඇය කැඳවා සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන ආන්දෝළනාත්මක හඬ පටය සම්බන්ධයෙන් ඇගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය මෙම පිළිගැනීම කොට ඇතැයි ද වාර්තා වේ.

Source -Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button