පළකල දිනය : Mon, Sep 30th, 2019

ගෝඨාභයට සහාය දෙන්න සූදානම්. එකම කොන්දේසියයි

මීලග ජනාධිපතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් නමුන් ‘පොහොට්ටුව’ට සහාය දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ දිනයේ තමන් හමුවූ මහින්ද රාජපක්ෂ, ගෝටාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට තමන් මේ බව පැවසූ බවද ජනාධිපතිවරයා සදහන් කලේය.

ඔහු මේ බව පැවසුවේ ශ‍්‍රීලනිප කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව හෙට්ටිපොලදී අමතමිනි.

ජනාධිපතිවරයා එම ප‍්‍රකාශය කරද්දී පක්‍ෂ සාමාජිකයේ උස් හඬින් අත්පොලසන් දුන්හ.

එකගතාවය මත ඇති කර ගන්නා ජාතික වැඩපිළිවෙළක් මත ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දිය හැකි වුවද පොහොට්ටු ලකුණට ඡන්දය දෙන්න නොහැකි යයිද ජනාධිපතිවරයා කීවේය.

එනිසා පොදු ලකුණක් යොදා ගත යුතු යයි තමන් දැන්වූ බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කලේය.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button