පළකල දිනය : Thu, Oct 3rd, 2019

ගාල්ල හිටපු නගරාධිපතිවරයෙකු කරපු වැඩක්

ජනාධිපතිවරණය කැඳවමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන සර්ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපතිවරයෙකු වන මෙත්සිරි ද සිල්වා මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය.

ලබන 07 වැනිදා ජනාධිපතිවරණ නාමයෝජනා කැදවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් , අදාළ ගැසට් නිවේදනය අනුව මැතිවරණ කොමිසම , එහි සභාපති සහ සාමාජිකයන් කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමින් ඉල්ලා ඇත.

මෙහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සභාපති, එහි සාමාජිකයන් සහ නීතිපති නම් කර ඇත.

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
Source – ලංකාදීප

ජනපතිවරණයේ ගැසට්ටුව අවලංගු කරන්නැයි රිට් පෙත්සමක්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button