පළකල දිනය : Thu, Oct 3rd, 2019

ධුරයෙන් අස්වන්නේ නෑ.. බලපෑම් කලොත් කරුණු හෙලි කරනවා

තමන් මේ වන විට දරන ධූරයෙන් ඉවත් වීමට කිසිදු උවමනාවක් නැති බව හිටපු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා සඳහන් කර ඇත.

තමන් මෑතදී කරන හෙලි කරන ලද කරුණු හේතුනෙක් ධුරයෙන් ඉල්ලා අස් වෙන්න යයි බලපෑම කළහොත් තවදුරටත් තොරතුරු හෙළි කිරීමට ඇති සියලු කරුණු හෙළි කරන බවද ඒ මහතා සඳහන් කර ඇත.

තම සමීපතම හිතවතකු සමග අදහස් පල කරමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ.

තමන් රාජකාරී දිවිය පුරාම නිවැරදිව හා අවංකව කටයුතු කල බවත් එසේ නොවූයේ නම් තමනට තවත් ඉහල තනතුරු වරප‍්‍රසාද ලබා ගැනීමට අවස්ථාව බොහෝ තිබූ බවත් ඒ මහතා සදහන් කර ඇත.

දැනට ඒ මහතා දරමින් සිටින තනතුරේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය සභාපති ධුරයයි. එය ජනාධිපතිවරයා විසින් පත් කරන ලද තනතුරකි.

අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල කියා සිටියේ සුහද ගම්ලත් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් නොවුනහොත් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button