පළකල දිනය : Sun, Oct 6th, 2019

ගෝටා වෙනුවෙන් පොහොට්ටුවට සහාය දෙන්න ජනපති එකග වේ

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවී ඇති බව ඉහළම පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේය.

ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පරිසක් සමග පැවති සාකච්චාවේදී මෙම තීන්දුව ගෙව ඇති බව එකී ආරංචි මාර්ග පැවසීය.

ඒ අනුව අද රාත්‍රියේ පැවැත්වෙන ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ දී තවදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද එම ආරංචි මාර්ග පැවසුවේය.

කෙසේ වෙතත් මීළඟ මහ මැතිවරණයේදී වෙනත් පොදු ලකුණක් යටතේ තරග කිරීම සඳහා දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇති ව තිබෙන බවද වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විටත් පොහොට්ටුව ලකුණින් ඇප මුදල් තැන්පත් කර ඇති බැවිනි මේ මොහොතේ ලකුණ වෙනස් කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී මාධ්‍ය වෙත කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ඡන්ද ලක්ෂ 50 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද ලක්ෂ 14ක් ලබා ගත්තේය.

එහි එකතුව මෙරට සාමාන්‍යයෙන් ප‍්‍රකාශ වන ඡුන්ද ප‍්‍රමාණයෙන් 50% ඉතා පහසුවෙන් ඉක්මවා යයි.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button