පළකල දිනය : Mon, Oct 7th, 2019

රටම බලා සිටි කඩඉමත් ගෝටා ජයගනී !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු මේ නාමයෝජනා භාරදුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඉන් අපේක්‍ෂකයන් දෙදෙනෙකු සදහා විරෝධතා ලැබී තිබූ බවද ඔහු සඳහන් කළේය.

අදාළ විරෝධතා ප්‍රතික්ෂේප කරමින් සිටිනා බව ද ඔහු කියා සිටියේය.

ඒ අනුව ප‍්‍රධාන පක්‍ෂවල අපේක්‍ෂකයන් ලෙස ගෝටාභය රාජපක්‍ෂ හා සජිත් පේ‍්‍රමදාස දෙදෙනාගේම නම්ද පිලිගෙන ඇත.

එසේම අපේක්ෂකයින් තිදෙනෙකු ජනපතිවරණයට තරග නොකරන බවට දැනුම් දුන් බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ 41 දෙනාගෙන් 35 දෙනෙකු පමණක් ජනාධිපතිවරණයට තරඟ කරනු ලබනවා.

එසේම ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ චමල් රාජපක්ෂ මහතා නාම යෝජනා භාරදීමේ අවස්ථාවට සහභාගී වූ අතර ඔහු නාම යෝජනා භාර දුන්නේ නැහැ. මේ අතර කුමාර වෙල්ගම මහතාද ඇප මුදල් තැන්පත් කළ අතර ඔහුද නාම යෝජනා භාර දීම සඳහා පැමිණ සිටියේ නැහැ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button