පළකල දිනය : Wed, Oct 9th, 2019

මෛත‍්‍රී ඉවතට.. රෝ.ල. පියදාස ශ‍්‍රීලනිප නායකත්වයට

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ජනාධිපති මැතිවරණ කාල සීමා සඳහා අදාළව එම පත්කිරීම සිදුකරන ලද බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වූ බවට ඊයේ පස්වරුවේ අන්තර්ජාල මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇති වූ උණුසුම් වාද විවාද හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව ද වාර්තා වෙයි. ‍

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ සහාය දීමට තීරණය කර ඇත.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button