පළකල දිනය : Thu, Oct 10th, 2019

මහින්ද අලුත් වැඩකට සැරසෙයි

ඉදිරි ජනාධිපතිවරණයට පෙර හෝ පසු නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ඇති බව වාර්තාවෙයි.

ඉහළ පෙළ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ජනාධිපතිවරණයෙන් ගෝටාභය රාජපක්ෂ මහතා ජයගත් පසු එදිනම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් ඇති බවයි.

ඒ අතරම ඊට පෙර පාර්ලිමේන්තුවේ බහුතරය සකස් කර නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීන් හා එක්සත් ජාතික පෙරමුණ සමග සිටින තවත් පක්ෂ කිහිපයක්ද සමග පොදුජන පෙරමුණේ ඉහලම පෙලේ සාකච්චා සිදුව ඇතැයිද වාර්තා වෙයි.

මෙම පිරිස මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වීම ජනාධිපතිවරණ කටයුතු අතරතුරදීම සිදුවනු ඇති බවද ඔවුන් අවස්තා කිහිපයදී පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ වේදිකාවට
ගොඩවනු ඇති බවත් එකී ආරංචි මාර්ග තව දුරටත් කියා සිටියේය.

එහි මුල් පියවර ලෙස එජාපය සමග සිටින සුළු පක්‍ෂයක් එළැඹෙන දින කිහිපයේදී පොහොට්ටු වේදිකාවට ගොඩවන බවද පොදුජන පෙරමුණේ ප‍්‍රබලයෙකු පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු පෙරලියක්ද ඇතැම්විට බලාගත හැකි වනු ඇති බවත් කී ඔහු එසේ නොවන්නේ නම් ජනාදිපතිවරණයෙන් පසු දිනම එය සිදුවන බවද කීවේය.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button