පළකල දිනය : Fri, Oct 11th, 2019

ආරක්‍ෂක ඇමති ලෙස ෆොන්සේකා.. රනිල්ට රැලියේදී සජිත් කරපු දේ

තමන් ජනාධිපති වූ පසු මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ ඇයි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ගෝල්ෆේස් පිටියේ දී පොරොන්දු වෙද්දී එම වේදිකාවේ රිෂාද් බදුර්දීන් ඇමතිවරයාද සිටි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරකයන්ට බෝම්බ නිෂ්පාදනය සඳහා තඹ ලබා දුන්නේ යැයි ඔහුට චෝදනා ඇති බවත් ඇතැම් බෝම්බකරුවන් නැවතී සිටියේ ද බදුර්දින් ඇමතිවරයා ගේ සහෝදරියගේ නිවසේ බවද මුසම්මිල් මහතා පැවසීය.

වේලාසනම ආර්යාවද නම්කර ඇති සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ ආරක්ෂක ඇමතිවරයා ද නම් කිරීමට කටයුතු කළ නමුත් තම ආණ්ඩුවක අගමැතිවරයා කවුදැයි පැහැදිලිවම ප්‍රකාශ නොකරන බවත් එම ප්‍රශ්ණය විමසද්දී පැන යන බවත් ඒ මහතා පැවසීය.

තම තේජස පෙන්වා ජනාධිපති අපේක්ෂකත්වය බලෙන් ගත්තේයැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීමෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට අපහාසයක්ද එහිදී සිදුකළ බවත් එහිදීද එජාප අර්බුදය එලියට පැන්න බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button