පළකල දිනය : Sat, Oct 12th, 2019

මං සජිත් සමගයි

සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජනාධිපති වී ආර්ථිකය ගොඩනැගීම නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව රංගන ශිල්පිී චිලී තිවංක සඳහන් කරයි.

එමෙන්ම ප්‍රේමදාස මහතා රටේ ජනාධිපති වීමෙන් පසු ජාති-ආගම් ප්‍රශ්න විසඳා ගත හැකි වනු ඇතැයි ද තම විශ්වාසය පවසයි.

ගෝල්ෆේස් පිටියේ දී පැවැති එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ ජනරැුලියට සහභාගී වීමෙන් පසුව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ මෙසේය.

මම කැමති දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් සහයෝගය දක්වන්න ප්‍රජාතන්ත්‍රවාදීව මා හට අයිතියක් තියෙනවා.. මගේ සහය සජිත් ප්‍රේමදාස මහතාට දීමට තීරණය කරා.. මොකද ඔහු දුප්පත් මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින දක්ෂ, කාර්යශූර දුක හඳුනන නායකයෙක්..

කෙසේ වෙතත් දැනට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයට මා කැමති අතර නීතිය හරි ආකාරව ක්‍රියාත්මක වීමද හොඳ ලක්ෂණයකි.. එමෙන්ම ඔහුට රටේ ජාති අාගම් ප්‍රශ්නයත් විසඳා ගත හැකිය යන විශ්වාසය මා සතුව තියෙනවා.. රටේ අාර්ථිකය ගොඩ නැගීම ප්‍රබල කටයුත්තකි.. එයද එලෙස ඉටු කරාවි යැයි අනාගත ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙමි..

නමුත් ලෝකෙට පේන්න නෙමෙයි, මම පෞද්ගලිකවයි සහය දක්වන්නෙ. හැමෝම මගේ ඡායාරෑපයක් දැකපු නිසා තමයි මේ සටහන කලේ… ජය !

– Chillie

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button