පළකල දිනය : Wed, Oct 16th, 2019

විශ්‍රාම යාමෙන් පසුවත් නිල නිවස ජනපතිටම

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ ඊයේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ සංදේශයකට අනුව ය.

විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු සියලු වරප‍්‍රසාදවලට අමතරව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ ජනාධිපතිතුමා මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා විශාල වැඩකොටසක් සිදුකිරීම හේතුවෙන් ය.

Source – Newsfirst

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button