පළකල දිනය : Sat, Oct 19th, 2019

රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ මුවාවෙන් අකටයුත්තක්

අනුරාධපුර රුවන්වැලි දාගැබ ප්‍රතිසංස්කරණය මුවාවෙන් යම් අකටයුත්තක් සිදුවන බව ජාතික උරුමයන් සුරකීමේ සම්මේලනය පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංවිධානයේ කැදවුම්කරු ජනක බෝධිනන්ද මහතා සදහන් කරනු ලැබුවේ දාගැබේ සිදුවන ප්‍රතිසංසකරණ කටයුතු සැක සහිත බවයි.

මෙම ප්‍රතිසංස්කරණ කටුයුතු සිදුකරනු ලබන්නේ විශ්ව පාරමී නැමති පෞද්ගලික ආයතනයක් බවත් මෙහි සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාදී තිබෙන නිර්දේශ වලට ද පටහැනිව සිදු වන බවද බෝධිනන්ද මහතා පෙන්වා දෙන ලදී.

මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් රුවන්වැලි මහා සෑයේ චෛත්‍ය ඝර්භයට / පේසා වලලු වලට දැඩි හැනි සිදුවන බවත් මේ වනවිටද එවා හානායට පත්ව තිබෙන බවත් ඡායාරූප සහිතව පෙන්වා දෙන ලදී.

මේ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේනතුවෙන් විමසූවිට එහි අධ්‍යක්ෂජනරාල් මෙම සිදුවීම නිර්ලජ්ජිත ලෙස මගහරමින් තිබෙන බව ද සදහන් කළේය.

මෙම මාධ්‍ය හමුව සදහා නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා / ක්ෂණිකා හිරඹුරේගම මහත්මිය ඇතුලු පිරිසක් සහභාගී වූහ.

– reporter
Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button