පළකල දිනය : Fri, Nov 1st, 2019

අඩි 21 ක් උස ගහක් වටලයි

හිටපු පොලිස් නිලධාරියෙකුගේ නිවසේ වවා තිබු අඩි 21ක් දිග ගංජා ගසක් මාදම්පේ පොලිසියේ නිලධාරීන් විසින් මාදම්පේ තඹගල්ල ප්‍රදේශයේ කල වැටලීමක දී අත්අඩංගුවට ගෙන ඇත.

ගංජා ගස සමඟ හිටපු පොලිස් නිලධාරියා ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(31) පස්වරුවේ මේ වැටලීම සිදු කර ඇත.

මේ ගංජා ගස තිබී ඇත්තේ බුලත් පාත්තියක වන අතර ඒ හේතුවෙන් සරුවට වැවී ඇති බව පොලීසිය සැකකරයි.

මෙම ගස දැක බලා ගැනීම සඳහා මාදම්පේ ප්‍රදේශ රැසකින් ජනතාව අද(01) පෙරවරුවේ සිට මාදම්පේ
පොලීසියට පැමිණි අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි ගංජා ගසක් මීට පෙර දැක නොමැති බවයි.

සැකකරු සමඟ ගංජා ගස අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Source – AdaDerana

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button