පළකල දිනය : Fri, Nov 1st, 2019

මැතිවරණ කොමිසම එලිපිට ගැටේ

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එම කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන් අතර උණුසුම් මත ගැටුමක් ඇති විය.

මැතිවරණ කොමිසන් සභාවේ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය ඉදිරිපිටදීම මෙම මත ගැටුම් ඇතිවිය.

ලංකාවේ මැතිවරණ ක්‍රමය යල්පැන ගිය එකක් බවට රත්නජීවන් හූල් මහතා ප්‍රකාශ කරද්දී එම මේසයේම ආනක් පස සිටි සභාපති මහින්ද දේශප්‍රිය එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේය.

එකී මතය මහාචාර්යවරයාගේ පෞද්ගලික මතය බවද මැතිවරණ ගැන මහාචාර්යවරයාට අත්දැකීම් නැති බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

රත්නජීවන් හූල් මහතාද මීට පෙර මාධ්‍ය වෙත පැවසූ පරිදි මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට 50% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකි වනු ඇති බව මැතිවරණ කොමිසම පිළිනොගන්නා බව මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button