පළකල දිනය : Sun, Nov 17th, 2019

මංගල – හරීන් සියළු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

මුදල් ඇමති මංගල සමරවීර මහතා මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ ඔහු දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත.

ඔහුගේ සහයෝගය ලද සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ පරාජයත් සමග මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම ක්‍රීඩා, විදුලි සංදේශ, විදේශ රැකියා ඇමැති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එමෙන්ම තමන් එක්සත් ජාතික පක්‍ෂයේ දරන සියලු තනතුරුවලින් ද ඉල්ලා අස්වන බව ඒ මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමේ හේතුවෙන් මෙම තීරණය ඇමතිවරයා විසින් ගෙන ඇත.

Source -Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button