පළකල දිනය : Thu, Nov 21st, 2019

ගෝලයෝ බලය අල්ලන්න පොරකද්දී කලකිරුණු සජිත් වනගත වෙයි

තමන් ඉදිරි මුළු ජීවිතය පුරාම දිවියන් වෙනුවෙන් කැප කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණේ පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන්ගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පේමදාස මහතා මෙසේ පවසා ඇත.

දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ගේ මීට පෙර පැවති උනන්දුව නැවත ක්‍රියාවට නංවන බව ද ඔහු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය හිතවාදී කණ්ඩායමක් දිගින් දිගටම උත්සාහ කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වයට නැවත ගෙන ඒම සඳහායි.

එවන් තත්ත්වයකදී ඔහු වනගත වීමට දරන උත්සාහය සිත්ගන්නා සුළුය.

Source -Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button