පළකල දිනය : Thu, Dec 5th, 2019

සජිත් තවත්උගුලක

මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේ දී විපක්ෂ නායකයා ලෙස පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් තීරණය කර තිබේ.

අද පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදී මෙම තීන්දුව ගෙන ඇත.

පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දුවක් ගැනීමටද තීරණය කර ඇත.

ඒ අනුව මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා එජාපයේ අගමැති අපේක්‍ෂකයා ලෙස තරග වැදීමට වැඩි ඉඩක් ඇති අතර ඔහුගේ ප‍්‍රතිවාදියා වන්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතායි.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button