පළකල දිනය : Fri, Dec 6th, 2019

ජනපතිවරණ අපේක්‍ෂක ඇප මුදල් නැංවීමට යෝජනා

ජනාධිපතිවරණ අපේක්‍ෂක ඇප මුදල වැඩි කිරීම සඳහා පනත් සංශෝධන යෝජනා සකස් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

ඒ අනුව රුපියල් 50,000 ක් වූ දේශපාලන පක්‍ෂයක අපේක්‍ෂකයෙකුගේ ඇපමුදල රුපියල් ලක්‍ෂ 26 දක්වාත් රුපියල් 75000 ක් වූ ස්වාධීන අපේක්‍ෂකයකුගේ ඇප මුදල රුපියල් ලක්‍ෂ 31 දක්වාත් වැඩි කිරීමට යෝජනා කර ඇත.

යෝජිත මෙම ඇප මුදලින් රුපියල් ලක්‍ෂයක් ආපසු ලබා ගැනීමේ පදනම මත භාරගනු ලබයි.

කොමිසම විසින් ඇප මුදල් වැඩි කිරීම පිළිබඳව පෙරේදා (04 දා) පැවැති දේශපාලන පක්‍ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡුාවේදී ප‍්‍රකාශ කර ඇති අතර කුඩා පක්‍ෂ රැුසක් එහිදී යෝජනාවට විරෝධය පළ කර ඇත.

එහෙත් කොමිසම ලෙස යෝජනා රජයට ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තුවට ඊට අවසන් තීරණය ගත හැකි බවත් මැතිවරණ කොමිසම පක්‍ෂ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

දැනට පවතින ඇප මුදල් ප‍්‍රමාණයන් 1981 දී සකස් කර ඇත්තේ එවකට පැවැති මූල්‍ය වටිනාකම් අනුව බවද ඊට සාපේක්‍ෂව අද ඇප මුදල් ප‍්‍රමාණයන් වෙනස් විය යුතු බවද කොමිසම සඳහන් කර ඇත.

රනිල් ධර්මසේන
Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button