පළකල දිනය : Tue, Dec 10th, 2019

ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලින් මව්බිමට

ලෝක විවාහක රූ රැජිණ කැරොලින් ජුරි ( Caroline Jurie ) එම කිරුළ දිනා අද (10) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඇය ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු උදෑසන 7.00 ට පමණ ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි අතර ඇය පිළිගැනීම සඳහා පවුලේ සාමාජිකයින් සහ ඥාති හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

ඇයව විශේෂ රිය පෙරහැරකින් කොළඹ බලා රැගෙන යෑමට කටයුතු සූදානම් කර තිබුණා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button