පළකල දිනය : Wed, Dec 11th, 2019

ෂාෆිගේ ගැන වාර්තාවක් ලැබිලා

වෛද්‍ය මෙහොමඩ් සාෆි විසින් වඳභාවයට පත්කරන ලද බව කියන මව්වරුන්ට සාධාරණය ඉටුකෙරෙන දිශාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවන ලෙස යුක්තිය උදෙසා වෘත්තීය සමිති සන්ධානය ජනපති ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

එහි නියෝජිතයන් අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පැවති ආණ්ඩුව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාල විමර්ශන ඒකපාර්ශ්විකව ක්‍රියාත්මක කළ බවයි.

මෙම චෝදනාවට අදාල පැමිණිල්ලේ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතව තිබෙන්නේ එළැඹෙන 12 වැනිදායි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා මේ බව පැවසීය.

“මට විරුද්ධව තාමත් පරීක්ෂණ කරනවා. සාෆි වෛද්‍යවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ගෙනල්ලා. මට විරුද්ධව ප්‍රකාශයක් ලබා ගෙන. ඇප පිට සිටින විත්තිකරු. ප්‍රධාන සාක්ෂිකරුට කරන බලපෑම. මේ සියල්ල පසුගිය ආණ්ඩු සමයේ වුණේ. අපිට තිබුණේ රාජ්‍ය මර්දනයක්

අපිට අත්අඩංගුවට ගැනීමේ සැලසුම් හදලා . ශානි අබේසේකර,තිසේරා, එය මෙහෙයවූවා. පැමිණිලි 850ක් CIDයට ඉදිරිපත් වෙලා තිබුණා. CIDය එම පැමිණිලි විභාග කරනවා වෙනුවට. විත්තිකරු නිදහස් කරන්න පරීක්ෂණ මෙහෙයවූවා. අධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළා. මව්වරුන්ට තාම යුක්තිය ඉෂ්ටවෙලා නෑ. යුක්තිය ඉෂ්ටවෙන දිසාවට. CIDය හා නීතිපති දෙපාර්තමේන්තුව යොමු කරන්න“

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button