පළකල දිනය : Wed, Dec 11th, 2019

නව රජයට තුනෙන් දෙකක බලයක්

ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අද (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවති ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවේදිය.

මෙම හමුව අද (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණි.

එහිදි පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ඉදිරියේදි රට සංවර්ධනය කිරිමටත්, සෞභාග්‍යමත් රටක් ගොඩනැගිමටත් ඉදිරි මහ මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුවට ශක්තිමත් තුනෙන් දෙකක බලයක් තිබිය යුතු බවත්ය.

එම තුනෙන් දෙකක බලයක් සහිත නව ආණ්ඩුවක් නිර්මාණය කිරිම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදි කැපවී ක්‍රීයා කල යුතු බවත් ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ද එහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව විවිධ අදහස් ප්‍රකාශ කළේය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button