පළකල දිනය : Sat, Dec 14th, 2019

සුදු වෑන් කිඹුල් ඩ‍්‍රයිවර්ලා බාන අල්ලයි

ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ ජනාධිපතිවරණයට පෙර දිනයක මාධ්‍ය හමුව පැවැත් වූ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට පත්වී ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

සමාජජාල ඔස්සේ තොරතුරු වාර්තා කර ඇත්තේ ඊයේ රාත්‍රියේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ නමුත් මෙම තොරතුරු පොලිසිය විසින් නිල වශයෙන් තහවුරු කර නැත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී සුදු වෑන්වලින් මිනිසුන් පැහැරගෙන_ගොස් කිඹුලන්ට කන්න දැමූ බවත් එම සුදුවෑන් රථයක රියැදුරු ලෙස තමන් කටයුතු කල බව එක් අයෙක් පැවසීය.

අනෙක් පුද්ගලයා සිටියේ ප්‍රභාකරන්ගේ රත‍්‍රන් ටොන් 7000ක් කොළඹට ගෙනැවිත් ගෝඨාභය රාජපක්ෂ මහතා දුන්නේ තමන් විසින් බවයි.

සුදු වෑන් රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ යැයි පළවන වාර්තා හේතුවෙන් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඊයේ රාත්‍රියේ සිටම නිදි වර්ජිතව ඔහු අවස්ථා ගණනාවකදීම ප්‍රබලයන් කිහිප දෙනෙකුට දුරකථන ඇමතුම් ලබා දී ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button