පළකල දිනය : Tue, Dec 17th, 2019

සහාය දෙන්න සූදානම් යයි රාජිත කියයි

ආණ්ඩුවට එල්ල වී ඇති සුදු වෑන් චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නේ නම් තමන් ඊට සහයෝගය දීමට සූදානම් බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඔහුගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු හිටපු ඇමැතිවරයා මේ බව සඳහන් කරන ලදී.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ අදාල පුද්ගලයන් දෙදෙනා රාජිත සේනාරත්න මහතා සොයාගෙන විත් මෙම හෙළිදරව් කිරීමට සූදානම් යැයි පැවසූ බවයි.

ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට රාජිත සේනාරත්න මහතා කටයුතු කර කිරීම පමණක් සිදුකර ඇතැයිද ඔහු කියා සිටියේය.

ඒ නිසා මෙම පරීක්ෂණ රාජිත සේනාරත්න මහතා ඉලක්ක කර සිදු කිරීම වැරැදි සහගත යැයි ඔහු කියා සිටියේය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button