පළකල දිනය : Mon, Dec 23rd, 2019

මී පැළ දහසක් සිටුවමින් රටටම ආදර්ශයක් දුන් තරුණයෝ

කටුගස්තොට නගරයේ සිට කුරුණෑගල දක්වා ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 38 ක් පුරා මී පැළ දහසක් සිටවීමේ ජාතික ක්‍රියාන්විතයක් ඊයේ (22) කටුගස්තොට දී සිදු කෙරුණා.ඒ කටුස්තොට ඝටීකාරාම විහාරස්ථානය කේන්ද්‍ර කොටගනිමින්.

කටුගස්තොට ඝටීකාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඔකඳගල නාරද ස්වාමීන් වහනසේගේ අනුශාසකත්වයෙන් ජා‍ති‍ක ‍ඒ‍කා‍බද්‍‍ධ ‍බ‍ල‍වේ‍ග‍ය , ‍සත්‍‍බො‍දු ‍මි‍තු‍රෝ ‍සං‍‍වි‍ධාන‍ය සහ ‍ය‍ටි‍වා‍ව‍ල ‍සිං‍‍හ‍ල ‍ත‍රු‍ණ ‍එ‍ක‍මු‍තු‍ව ‍ඇතුලු පිරිසක් මෙම කටයුත්ත සඳහා එක්ව සිටියා.

පෙර රජ දවස මී ගස් කැපීම මරණ දඬුවම පවා නියම වූ වරදක් බව ඉතිහාසයේ සඳහන් වන අතර පසුකාලීනව බ්‍රිතාන්‍යන් විසින් එම තහනම ඉවත් කල අතර ඔවුන් මී ගස් කපා පාලම් තැන්වීමේදී පවා එහි ලී යොදා ගෙන තිබුනා.

දේශීය වෛද්‍ය විද්‍යාවේදී ඉහළ වටිනාකමක් හිමිවන මී ගස පසට හොඳ පොහොරක්ද වනවා.බෙහෙත් ගසක් ලෙසට අතීතයේ සිටම පිදුම් ලබන මී ගස රැකගත යුතු ජාතික සම්පතක් වන අතර මෙම තරුණයින් එකතු වී සිදුකළ මෙම ජාතික යුතුකම සියළු දෙනාගේම ඇගයීමට ලක්විය යුතු වනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button