පළකල දිනය : Fri, Dec 27th, 2019

දැන් මගේ සිහිනය ජනාධිපති ගෝඨාභය දැක ගැනීමයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණ සිදුකරන ලද ක්‍රියාව ඉතා අගය කරන බව කරන බව ජනප්‍රිය මාධ්‍යවේදී DJ Pasbara සදහන් කරන්නීය.

එම දෙපාර්තමේන්තුවේදී බොහෝ ජනතාව පීඩාවට පත්වෙන අයුරු අත්දැකීමෙන්ම දැක ගැනීමට වූ කැප කිරීම සම්බන්ධයෙන් තම ස්තූතිය පළ කරන බවද ඇය කියා සිටී.

මෙතෙක් කල් තම සිහිනය වූයේ වැල්දිමීර් පුටින් හෝ බැරක් ඔබාමා ජනාධිපතිවරුන් සැබෑවට දැක ගැනීම වුවද ඊයේ දිනයෙන් එය වෙනස් වී ගිය බවත් සදහන් කරන ඇය දැන් තමන්ගේ එකම සිහිනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැක ගැනීම බවද කියා සිටියාය.

තමන් කිසිවෙකුට කඩේ යන මාධ්‍යවේදියෙක් නොවන නමුත් අගය කල යුත්ත අගය කරන බවද ඇය තව දුරටත් කියා සිටියාය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button