පළකල දිනය : Fri, Dec 27th, 2019

රාජිත සිටියේ අගමැති මහින්දගේ නිවසේ ?

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සැඟවී සිටියේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට උවමනාවක් ඇත්තේ නම් රහස් පොලිසිය යා යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ දී කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රහස් පොලිසියේ නිලධාරීන් සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවත් ආණ්ඩුව විසින් රාජිත සේනාරත්න මහතා රැකගන්නා ගමන් එම නිලධාරීන් රස්තියාදු කරවන බවද ඔහු කියා සිටියේය.

පැවති ආණ්ඩු සේම මෙම ආණ්ඩුවේ ද සිදුවන්නේ දූෂිතයන්ට දඬුවම් දීමක් නොව ජනතාවට මායාවක් පෙන්වීම බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button