පළකල දිනය : Sat, Dec 28th, 2019

2019 උසස් පෙළ පළමු වැන්නෝ මෙන්න

මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කර තිබේ.

මෙවර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 05 වනදා සිට එම මස 31 වන දින දක්වා පැවැත් වුණ අතර ඒ සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37,704 දෙනෙකු පෙනී සිටියහ.

නව නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 98,229 දෙනෙකු පෙනි සිටි අතර පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක් ලක්ෂ 39,475 දෙනෙකු පෙනී සිට තිබේ.

2019 වසරෙ උසස් පෙළ ප‍්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට අපේක්ෂකයින් 181, 126 ක් සුදුසුකම් ලබා ඇති අතර අපේක්ෂකයින් 71 දෙනෙකුගේ ප‍්‍රතිඵල අත්හිටුවා ඇතැයි විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

නැවත සමීක්ෂණය කිරීම් 2020 ජනවාරි 17 වනදා අවසන් වන බව විභාග විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනුයි.

2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මෙවර උසස් පෙළ විභාගයේ පැරණි විෂය නිර්දේශය යටතේ වාණිජ අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ නිරෝෂන් සඳරුවන් ශිෂ්‍යයායි.

මේ අතර ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය උසස් පෙළ විභාගයේ දිවයිනෙන් ප්‍රථම ස්ථාන දෙකක් හිමිකරගෙන තිබෙනවා.

එම විද්‍යාලයේ විනුර ඔසද ගාල්ලගේ ශිෂ්‍යයා ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ නව නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය යටතේ කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ එහි නිපුණ විරාජ් හෙට්ටිආරච්චිගේ ශිෂ්‍යයායි.

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කොළඹ විශාකා විද්‍යාලයේ සචිනි විජේවර්ධන ශිෂ්‍යාව නව නිර්දේශය යටතේ ජීව විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගයේ නව නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ශිහාන් ෆොන්සේකා ශිෂ්‍යයායි.

මේ අතර පැරණි විෂය නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය පින්නවල ජාතික පාසලේ ඒ.දර්ශන ඉසුරුසිරි සම්පත් හිමිකරගෙන තිබෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button